Saturday, November 14, 2026

කවි කතාව - සෙනෙහසේ විරාජිත ගමන 5 - ( ශනිදා දහයට)

- නිසල දෙපයට සවියක් වූ ආදරයක කතාව -



පසුගිය කොටසෙන් ..... 

දිව ගියෙ රෝහලට තොරතුරු ලැබු         විගස

දුරු කරගන්න තම හදවත රැඳි             කුකුස

දැක සනසන්න ඔහුගේ ඔත්පල              මනස

මුව සිප ගන්න පෙර සේ නිවමින             පවස


 5 කොටස

  

දෙනයන අදහගනු බැරි විය  හද            රිදිනි

සයනයෙ වැතිර සිටියේ හිරුණක          බැවිනි

වෙහෙසවු මුහුණ, කෙඳිරිලි සවණත     වැකුනි

අවනත නොවුණු කඳුලින් දෙකොපුල    පෙගුණි 



හිත මිතුරන් ගෙ සහයෙනි ඇය      අස්වැසුනේ

දින කිහිපයද කල්පෙකි, හෙමිහිට        ඇදුනේ

වෙදැදුරු හමුව තොරතුරු සොයනට   යෙදුනේ

ඇසු වදනිනුයි සියොළඟ හිරිගඩු          පිපුනේ


“හදවත් නොලද ගිණි අවි නැත දුක      දන්නේ

පෙරමෙන් දෙපා ඔහුගේ නැත සවි        වන්නේ”

යනුවෙන් කියු වදන් මන ගිඟුරුම්        දෙන්නේ

පෙළමින් දෙහද තීරණ ගත යුතු           වන්නේ


නැත කිසිවෙකුත් නිවසෙ ද දුක           නිවීමට

ඇය හා කතා බහ කොට හිත             හැදීමට

විසදුම ගැන සිතා රැය නිදි                 වැරීමට

සිදිවිය අනේ රහසින් ඉකි                    බිඳීමට


කල ආදරය කෙලෙසද සිඳ              බිඳලන්නේ

එක හිත් ඇතිව ඔහු තුරුළෙහි       ගුලිවෙන්නේ

නිසලවු දෙපා අඩුවක් නොම        ගෙනදෙන්නේ

ගැහෙනා හදවතේ සිතිවිලි           කොඳුරන්නේ






මතු සම්බන්ධයි...... 


👈 4 කොටසට 

👉 6 කොටස  බලාපොරොත්තු වන්න.


~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~


~*~*~


මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

1 comment:

  1. හා, ඉස්පිරිතාලෙ හරි ඉන්න එකම මඳැයි නේද?
    ++++++++++++++++++++🙏👌💐
    අද එක දිගට පෝස්ට් රැල්ලක් වැටිලා.🫡

    ReplyDelete