Saturday, October 17, 2026

කවි කතාව - සෙනෙහසේ විරාජිත ගමන 1 - ( ශනිදා දහයට)

- නිසල දෙපයට සවියක් වූ ආදරයක කතාව -




 1  කොටස 

දළුපොත නමිනි හෙළ දෙරණට සිරි      මවපු

ඵලබර ගමකි සරු කෙත් වතු මැදි       කරපු

තම දරු පැටව් හා නිදුකින් දිවි           ගෙවපු

පවුලකි වැජඹුණේ සෙනහස නිති          විඳපු


පැසසුම් ලබා සිප් නැණයෙන් ලොව       දින්න

කුසුමන් ලෙසට එක ඉත්තට බර            දුන්න

දුටුවන් සතුටු වන යහගුණ නිති            දන්න

දරුවන් අඹරෙ සුදිලෙන රන් තරු        වැන්න




එක එක දරුව තම කල වයසද           සපිරු

හෙළ කුල සිරිත මත බැඳ ආදර           පවුරු

තනනට කැදැලි සුවඳැති කුසුමෙන       ඇතිරු

ඉඟිළල ගියේ තුටු කඳුළිනි නෙත           ඉතිරු

 

අද මෙම කතාවේ මුලසුන අර             ගන්නි

එම නිවසෙහිම විසු බඩපිස්සිය            වන්නි

හරි හැඩකාරි ගමටම සිරි ගෙන          එන්නි

දුටු වන සිත් සතන් නිතැතින් බැඳ       ලන්නි




වත පියකරුය සමවෙයි පුන්සඳ       සොඳුරු

දිදුලන නයන පරදයි විකසිත             තඹරු

දෙබැමද වැනිය ඉඳුදුනු නිලඹර          ඇතිරු

සුරලිය පරදවන යුවතිය හරි             මියුරු





මතු සම්බන්ධයි...... 


👉 2 කොටස 


~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි.  මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

18 comments:

  1. බොහෝම අලංකාර පද තේරීම හා එකතුව. නීති රීති, විරිත අර්ථවත්ව වගේම අලංකාරව රකින්න ඔයා බොහෝම දස්සයි. ලස්සන කවි කතාවක් කියවන්න පුලුවන් අපිට, ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගල්මල් සුපුරුදු ලෙන්ගතු කමින් පුරුදු පරිදි මෙහි ප්‍රතිචාර දැක්වූවාට

      Delete
  2. Replies
    1. බොහොම ස්තුතියි බස්සා සුපුරුදු ලෙන්ගතු කමින් පුරුදු පරිදි මෙහි ප්‍රතිචාර දැක්වූවාට

      Delete
  3. යමු යමු දෙවෙනි කොටසට ඉක්මනින් යමු
    රසබර පැදිවලින් ආයෙත් වෙමුද හමු

    ReplyDelete
    Replies
    1. වෙමු වෙමු පුරුදු පරිදිම අපි සිනහ වෙමු
      වෙනතුරු ලබන ශනිදා තව ඉවස ඉමු

      බොහොම ස්තුතියි සුපුරුදු ලෙන්ගතු කමින් රස කවියකුත් සමඟ මගේ නිවහනට පැමිණියාට

      Delete
  4. Replies
    1. බොහොම ස්තුතියි මයියා. සුපුරුදු ලෙන්ගතු කමින් මගේ නිවහනට පැමිණ ප්‍රතිචාර තබා ගියාට.

      Delete
  5. හුම්. ඈත ගමක නාඹර ලස්සන කැකුළියක්! යහපති. යහපති... 🎵🎉
    2වැනි කොටහින් හමුවෙමු

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නමී සුපුරුදු ලෙන්ගතු කමින් මගේ නිවහනට පැමිණ ප්‍රතිචාර තබා ගියාට. ඔව් ලබන සනිදා දෙවෙනි කොටසින් හමුවෙමු.

      Delete
  6. මේ මීගමුවේ දළුපොත ද? ඒක නම් අපි පොඩි කාලෙත් නාගරික ප්‍රදේශයක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලිට්සීකර සුපුරුදු ලෙන්ගතු කමින් මගේ නිවහනට පැමිණියාට. අනේ නෑ අනේ මේක ඒක නෙමෙයි. වෙන අපි නොදන්නා ඈත ගමක් හොදේ. මම දැනගෙන හිටියේ නෑ මිගමුව පැත්තෙත් දළුපොත තිබෙනවා කියලා.

      Delete
  7. කේයස් මහතුන් ගෙ කවි මට මතකයට එනා
    සුන්දරය මනරම්ය ලඳ මේ කවි කියනා
    බෝ බ්ලොග් කරුන් මෙහි නිතරම එන බැවිනා
    බස්සන් වුවත් කෝන් ගහේ ගී කියනා

    ReplyDelete
    Replies
    1. කේයස් සුහද නෑයෙකි මගෙ පෙර භවයේ
      ඒකලු මෙසේ පෑ දස්කම් රස කවියේ
      ආදර සුහද බ්ලොග් කරුවන් එක තලයේ
      මාලයේ පබුළු ඇට මෙන් අද එක පිටියේ

      බොහොම ස්තුතියි සුපුරුදු ලෙන්ගතු කමින් රස කවියකුත් සමඟ මගේ නිවහනට පැමිණියාට

      Delete
  8. ඔබේ සෑම නිර්මාණයක්ම ඉතාමත් සාර්ථක පැත්තට යොමූවන බැව් නොවලහා කිව යුතුමය . එය රහසක් නොවෙයි. දකින්නාට කියවන්නාට මනාව වැටහෙන් බවද මා වැඩිදුරටත් සනාථ කරමි. .ජයවේවා .!
    බා කලාභූෂණ
    බංඩාර රාජපක්ෂ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අපේ සර්ට සුපුරුදු ලෙන්ගතු කමින් මගේ සිතිවිලි නිවහනට පැමිණ මගේ කවි රස විඳ ප්‍රතිචාර තැබුවාට.

      Delete
  9. අඩේ ඒ කවි ටික , ඒක හරිම සන්සුන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුපුරුදු ලෙන්ගතු කමින් මගේ නිවහනට පැමිණ ප්‍රතිචාර තබා ගියාට.
      මේක කවි කතාවක්. දිගටම රැදී ගුණ දොස් පවසන්න කරන ඇරයුමයි මේ

      Delete