නන්දා මගේ රන් කඳ පෙම හද රන්දා
වින්දා සියලු දුක් ගැරහුම් නව නින්දා
අන්දා කසී සළු කර මාල ද බන්දා
කැන්දා යන නැකත කවදා දැයි මන්දා
බැන්දේ සෙනෙහෙ දුටු සඳ දොළ ළඟ ලන්දේ
නැන්දේ ඇයිද නෑනගෙ පෙම් සිත බින්දේ
වින්දේ සිහින දකිමින් තුන්යම නින්දේ
වැන්දේ බුදුන් පේවී වැඩ සිටි කන්දේ
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/ බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.
ශනිදා දහයට නොවරදවාම ලියනවට ස්තූතියි.👌🙏💐
ReplyDeleteබොහෝම ස්තූතියි ඔබට. 🙏🙏🙏. මගේ නිවහනට පිවිස සටහනක් තැබුවාට. ප් ඔව් මට හිතුනා ශනිදා දහයට ලියන්න. ඉතින් මම නොවරදවාම ඒක කරනවා.
Deleteනැන්ද බින්ද නම් හිත කැන්දං යන නැකතක් එන එකක්ම නෑ වගේ!
ReplyDeleteඑහෙම කියලා බෑ.. කොහොම හරි නන්දාව කැමති කර ගන්න ඕන. කවියේ හැම පේලියාම මුල සහ අග වචන යෙදුන හැටි දැක්කාද?.
Deleteබොහෝම ස්තූතියි සටහනට. 🙏🙏
අලංකාර පද එකතුව, ලස්සන කවිරසය අගේය.
ReplyDeleteබොහෝම ස්තූතියි ඔබට. 🙏🙏🙏. මගේ නිවහනට පිවිස සටහනක් තැබුවාට. කාලෙකින් නේද?
Deleteරන්කඳ කියන කොට මට මතක් වෙන්නේ - රන්කඳ රන්කඳ - දැන් යමු සොහොනට - කියලා හේවිසි ගහනව කියල මරණයක් ගෙනියනකොට . ඒක තිබ්බේ ' එයා දැන් ලොකු ළමයෙක් ' කියන නවකතාවේ
ReplyDeleteආ...නේ... ඔව් ඇත්තටම ඒ වගේ තමා ඇහෙන්නේ.. 😁😁😂😂. දැනුයි මමත් ඒක ගැන දැන ගත්තේ.
Deleteබොහෝම ස්තූතියි මගේ නිවහනට පිවිසුනාට. 🙏🙏