ඉපදුන ගම් පියසෙ තොරතුරු මෙසේය
ඵලබර ලියැදි එහි තැන තැන දිසේය
අඹ දඹ දෙළුම් නාරම් පිරි රසේය
අග හිඟ ඇතත් සිත් සැමගෙම තොසේය
වදුලෙහි සරන මුව රංචුව දඟේය
එය දුටු මුවඟ මල් සිනහව නැගේය
අපෙ ගම අපට සුරපුරයක් වගේය
සසරෙහි පිනක් කර ඇති බව හැඟේය
සුරතල් සිඟිති ළදරුව මව ඇකේය
නිදුකින් වසයි නැත කිසි බිය සැකේය
දෙගුරුන් නිසා මගේ රට නිති රැකේය
සතුටින් කියමි ගං කොමළිය ලකේය
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
විරිත ලියා නැත්තේ අමතක වුනාද
ReplyDeleteසිරිතට හරි ලිව්වේ ඒ ඔයා නේද
ගං කොමලිය දැකලා හිත හරි වගේද
සුරපුර වගේ ගම් ඇත්තට කොහෙ තිබේද
බොහොම ස්තුතියි ඔබට සුපුරුදු ලෙන්ගතු කමත් අරගෙන මගෙ සිතිවිලි නිවසට ගොඩ වැදුනාට. කවි කමෙන්ට්.. එකත් එක ෆන් එකක් නෙද? කවියෙන් උනත් ප්රශ්න ගොඩාක් අහලා නේ. දැන් ඒවට උත්තර දෙන්නත් ඕන නේ.
Deleteවිරිත ලියා නැත්තේ අමතක වුනාද ... මේක මම විරිතකට ලියපු එකක් නෙමෙයි. නිදහසෙ ලියපු කවියක්. ඒත් කවියේ එන අනෙකුත් සියලුම රීතියන්ට යටත්ව.
ගං කොමලිය දැකලා හිත හරි වගේද ... ඇත්තටම ඔව්.
සුරපුර වගේ ගම් ඇත්තට කොහෙ තිබේද... ඔන්න ඔතන තමා ප්රශ්නය තියෙන්නේ.. මේ ගම මම දැක්කෙ මගේ මනසින්. ඉස්සරම කාලෙ.. ඒ කියන්නේ අපේ සීයලාගෙ වගෙ කාලෙ මෙහෙම ගම් තියෙන්නෙ අති. අපි පුන්චි කාලෙත් ටිකක් විතර මේ වගෙ තිබුනා. දැන් නම් අනේ මන්ද.
ඉපදුන ගම් පියසෙ තොරතුරු හරිම අගේ
ReplyDeleteඅඹ දඹ දෙළුම් නාරම් තුරු වදුලෙ රඟේ
මුවා කිව්වෙ? තිත් තිබ්බ්ද පිටේ උගේ
ගම කොහේද කියන පැනය හිතට නැඟේ
පානදුරේ අහට කිට්ටු අපේ ගම
මුවා නැති වුනත් තිබ්බා අපේ කම
පහල වෙලට ආ නරි කක්කුටු කෑම
මූකලං නැතත්, බස්සං හුම්,හුම් ගෑම
යකෝ බසු උන්නැහේගේ කවිය මරු නේ
Deleteඇයි ඔය ගම කයියත් අගේට තියෙන්නෙ? මටත් ආපු ප්රශ්ණෙ ගම කොහේද කියන එකම තමයි. ඒ කරලා, එහෙ-මෙහෙ බලන ඩිංගිත්තට, පලවෙනි තැනට ඇරියා කියහංකො.🤣
DeleteD.G.M බස්සා - බසු උන්නැහේගෙන් තව කවි කමෙන්ට් එකක් කවිනම් මරුම තමා. මේ මම දැක්ක මුවාට තිත් තිබ්බා වගේ මතකයි. ගමේ ඉසව්ව ගැන නම් කියන්න තරම් දෙයක් නෑ මට. මොකද මේ වගෙ ගම් නම් දැන් කොහෙන් හොයන්නද? මේ ගම තියෙන්නේ මගේ මනසෙ. මූකලං බස්සො ගැන නම් දැන්නෙ නෑ. ඒත් D.G.M බස්සා කියලා කෙනෙක් නම් ඉන්න්වා ඕං.
Deleteඅනේ ඉතින් අහින්සක මට කියන්න තියෙන්නේ සුපුරුදු ලෙන්ගතුකමින් අදත් මගෙ සිතිවිලි නිවසට ගොඩ වැදුනාට ස්තූතියි කියලා තමා.
Ajith Dharma. - ඔව් නේද. බසු උන්නෑහෑගෙ විතරක් නෙමෙයි අජිත් උන්නැහෑගෙ කවියත් මරු.
Deleteඅතු අතිනැද ගසාය තුරුරැසාය මතක් වුණා. ලස්සනයි.. ගං කොමළියක් ගාව තියෙන ගම් ගැන හිතලා ඔලුවට සමනළ ගැටෙත් වැටුණා..)
ReplyDeleteසුපුරුදු ලෙන්ගතු කමින් මගෙ නිවහනට ආවට බොහෝම ස්තුතියි. ගම ගැන හිතලා හැමෝටම ඔලුවට සමනළ ගැටේ වැටුනා මේ ගම හොයාගන්න බැරිව නේද? මේ ගම තියෙන්නේ මගෙ මනසේ. මම ඒකෙ සැපේ ඉන්නවා. එහෙම නැතිව ඉතින් දැන් කාලෙ මේ වගෙ ගම් කොහෙන් හොයන්නද?
Deleteකවි රසය ඉතාමත් අගේය.. එලිවැටට පොදුවේ මුල්තැන දී අලංකාරව ලියා තියෙනවා.
ReplyDeleteහදරැඳි ලෙන්ගතු කමත් සමඟම සුපුරුදු ලෙස මගේ කවි රස විඳින්නට මගෙ නිවහනට පැමිණියාට ඔබතුමාට බොහෝම ස්තුතියි.
Delete