ඔබ දුටු මුල් දින අප නෙතු, හමුවී පැවසූ රහසකි, හරි නුහුරූ
ලැබු සෙනෙහස මහමෙර ලෙස, දැනුනිය කුළුදුල් හදගැබ, මත සොඳුරූ
බැඳ රතැඟිලි රන් හුයකින්, පෝරුව මත ඉඳ පාවඩ, බිම ඇතිරූ
සිඳ බිඳ සංකා හිනැහෙනු, මියුලැස ඇතිදෝ මට ලොව, තව කවුරූ
දිගු නෙතු දේදුනු පරදන, දෙබැමද එක්කල බැල්මෙහි, ඇත සිරියක්
සිකිපිල බඳු දිගු වරලස, පීරා පිට මැදට හෙලා, දෙන එළියක්
බඳ නළවා පියවර තැබු, සඳ සිහිවිය සුරපුරයෙහි, දිව අඟනක්
ඔබ මගෙ මා ඔබෙ නැත එහි, වෙනසක් ලැබුවෙමි නොඉඳුල්, නව දිවියක්
(අනවුදඬු විරිත ඇසුරෙන්)
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/ බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.
අනවුදඬු විරිත - මේ මොකක්ද ? කවි දෙක ලස්සනයි
ReplyDeleteබොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට.
Deleteකාව්‍යකරණයට අනුව ඒක එක ඡන්දස් හා කවි විරිත් වර්ග තිබෙනවා. ඒවාට ආවේනික ලක්ෂණ ත් තියෙනවා.
අනවුදඬු විරිතට අනුව පාදයකට මාත්‍රා 30 යි. යති ස්ථාන 3 යි. ලඝු ගුරු භේදයකින් තොරයි. එළිසම කරන්න ඕනෙ. ඔයවගේ ලෂණ තමා මෙහි තියෙන්නෙ. ඔළුව ටිකක් අවුල් උනාද මන්ද.
මේ කිසිම දෙයක් නැතිව ලියන්නත් පුළුවන්. නිදහස් ආරෙකට. අර මම කවි කතාවෙ එහෙම ලියලා තිබුනේ. හැබැයි ඉතින් එතනත් පාදවල මාත්‍රා සමාන වෙන්න ඕනේ. එළිසම රකින්න ඕනෙ. එතකොට තමා ගයන කොට ලස්සන.
ලස්සනයි... සඳැස් ආකෘති වලට ලියද්දි කෝමත් ලස්සනයි. 🥰🥰
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබගේ නිහතමානී ප්‍රතිචාරයට.
Deleteවිරිත ගැන අවබෝධයක් නැතත් කවියේ රිද්මය කවියෙන් මතුකරන හැඟීම්වලට ගැලපෙනවා.
ReplyDeleteබොහෝම ස්තූතියි සොහොයුර. හැමදාමත් වගේ කමෙන්ට් වලින් ලබා දෙන මේ දිරිගන්වීම් වලට.
Deleteලස්සන කවි පද . විරිත ගැනත් පොඩි සටහනක් ලිව්වා නම් අපටත් පොඩ්ඩක් දැනගන්න පුළුවන්.
ReplyDeleteබොහෝම ස්තූතියි අනුරුද්ධ යහපත් ප්‍රතිචාර මඟින් ලබා දෙන මේ දිරියට.
Deleteහුම්. බැඳපු අලුත... පස්සට පහු තමා 😁🤜💥💥
ReplyDeleteආ.... ඒකත් එහෙමද.... කාගෙ උනත් සැබෑ ස්වරූපය දැකගන්න පුලුවන් වෙන්නේ පහුවෙනකොටලුනේ නේද... ;-)
Deleteබොහෝම ස්තූතියි නිහතමානී ඇගැයීම මගින් ලබා දෙන් මේ දිරියට.