Saturday, October 18, 2025

දෝණි 11 (ශනිදා දහයට)

  කවි කතාව

පසුගිය කොටසෙන්.................

යුවළට ලැබුන ඒ කුළුඳුල් රෝස              මල
දැක තුටු වෙවී ගී මුමුණයි කුරුළු          කැල
සමනලු තටු සලා පියඹයි සෑම               කල
සුරඟන රැල් සලා සරසයි සිහින            වැල


11 කොටස  

එතෙරට යන්න සිහිනය සිත යට        සැඟවී
ඇති බව සිතා මෙහිදී නම දුන            මැනවී
මව සහ පියා තම සතු උරුමය         බොඳවී
කටයුතු කරන්නට විය හෙට ගැන       ලතවී

හෙළ තාලයට බැහැ දෝණිට නම      දෙන්න
සුදුසුම එමලිනා බව හිතුවලු              ඔන්න
වැඩිහිටි සෑම දෙනගෙත් දොළ       සනසන්න
තැබුවලු මැද නමක් වංසෙට       ගැලපෙන්න

එමලින් සෙව්වන්දි දිවියට සවි        ගෙනෙන
සුරඟන් පරයමින් නෙතු විණිවිද        හෙලන
නටමින් දස අතෙහි කිංකිණි හඬ       නඟන
දිළෙමින් සමකරයි බැබලෙන මිණි      පහණ


හැකි'යුර විවිධ රස මසවුළු කර         පින්නා
ගම වැසි සියලු දෙන නිතරම යන       එන්නා
දැක බිලිඳිය සෙනෙහෙ සයුරේ    කිමිදෙන්නා
නිති සහයෝගෙ දීමට ඇප කැප       වෙන්නා


දින සති කෙමෙන් වියැකෙයි ජීවිත       අඹරේ
ළදැරිය සෙමෙන් පය ලයි මිහිමත    සොඳුරේ
ගුරු මව, පියගෙ තුට ඉතිරෙයි හද     ගැඹරේ
මුළු ගම පුරා කිරි සුවඳක් නිති           පැතිරේ


මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

👈 10 කොටසට

👉 12 කොටසට 

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

5 comments:

  1. එයත් සෙව්වන්දි වුනා එහෙනම්
    බලා ඉඳිමු අපිත් දැන්නම්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අජිත් ඔබගේ රසවත් කවි ප්‍රතිචාරය ට. ඔබත් තව කවි ටිකක් ලියන්න මට අපේ srilancan magazine එකට දමන්න.

      Delete
    2. ආ... සෙව්වන්දි.. 😁😁 . මට තේරුනේ දැන්නේ 🙈🙈

      Delete
    3. කැනඩාවෙ digitay magazine එකක් කරනවා srilancan කියලා. ඒකෙ කවි පිටුවට අපි බ්ලොග් කවි දමනවා. ඉතින් ඔබ කැමතිනම් ඔබගේ රසබර කවිත් එහි පලකරන්න උපුටා ගන්න මම කැමතියි.

      Delete

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.