කවි කතාව
පසුගිය කොටසෙන්.................
අමුතුම රළු වු කර සුවඳකි මතුවූවේ
එසැනින ලිපේ තැබු බත් එක සිහිවූවේ
කැළබිළි සිතිනි නෑඹිලියට අතපෑවේ
දැවෙමින ඇඟිලි එය බිමටයි පතබෑවේ
12 කොටස
බත කර වෙලා බැහැ කෑමට අරගන්න
කඩිමුඩියේම සිදු විය එය සඟවන්න
යුතුමය තව එකක් හනිකට ලිපලන්න
එනමුදු සහල් නැත බැහැ දුක ඉවසන්න
පසෙකට කරල බත් හැලියෙහි රළු මතක
සිදුවිය උයන්නට යලි ඉඳලම කොනක
පිළිතුරු ලැබෙන තෙක් මවගෙන් සිටි නොහැක
අවසන කුමක් වේදැයි නොසිතෙයි සැමෙක
ඇතිලිය හෝදලා තුනපහ ටිකද දමා
මිටි කිරි සමඟ ලුණු ගොරකද එයට යොමා
ලිප මත තියල හෝදපු ඉස්සන්ද නමා
හොඳ හැටි කූරු ගෑවේ තව නොකර පමා
හනිකට ලිසී මුළුතැන් ගෙට දිව ආවේ
භය වුන තරම ඇස් දෙක නලලෙහි වූවේ
කලබල ගතියකිනි එහෙ මෙහෙ නෙත පෑවේ
"අයියෝ...අලුත් නෝනේ..” යැයි මොර ගෑවේ
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~