Saturday, February 3, 2024

දෝණි 10 (ශනිදා දහයට)

  කවි කතාව

පසුගිය කොටසෙන්.................

තැබුනිය විරාමය සිහිනෙට යන           නොරට
සොයනට යෙදුනෙ බිරිඳ ගෙ දුක සැප   සොඳට
පිබිඳුනි නෙක පැතුම් මහ මෙර ලෙස       උසට
ලබනට දිවි විජය නුඋපන්  හෙට             දිනට


10 කොටස

දින සති මාස ගෙවමින කල ගත        කරුනේ
දියණිය තවත් පිවිතුරු වී ඔප             වැටුනේ
කුස දරනුයේ පින් කඳකැයි ඉඟි        කෙරුනේ
ගම විසු සැමද විමසිල්ලෙනි ළඟ          රැඳුනේ


සිදුවුන සිතැඟි ලතැවුල් නුහුගුණ         අතරෙ
සැමගෙම නෙතින් තුටු කඳුළැලි යලි     ඉහිරෙ
දැකුමට සිනහ මොලකැටි මුව      කමල'තරෙ
පුරමින පෙරුම් දෙවියන් අයැදියි         මිහිරෙ

පදවිය ලැබෙන තුරු ඉවසුව හැටි          පුදුම
මුහුදෙහි පතුලෙ සැඟවුණි හදවත         රිදුම
පියකරු බිළිදි සුවදැති සියුමැලි            පියුම
තුරුළෙනි මවගෙ සුරතල් බලනව     සැවොම


පවුලට එකතු වුනු සුන්දර කෙලි          පැටියා
සැමගෙම ආදරය, සෙනෙහස මැද       සිටියා
කිසි අකුසලක් විපතක් නොම වන       සැටියා
සියලුම දෙවියො රැක දේවා කිරි        කැටියා


යුවළට ලැබුන ඒ කුළුඳුල් රෝස             මල
දැක තුටු වෙවී ගී මුමුණයි කුරුළු          කැල
සමනලු තටු සලා පියඹයි සෑම               කල
සුරඟන රැල් සලා සරසයි සිහින            වැල

මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

👈 9 කොටසට

👉11 කොටසට

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

8 comments:

  1. බලමු රෝස මල කොහොම සුවඳ විහිදුවයිද කියලා!

    ReplyDelete
  2. හුම්. කෙලි පැටික්කියක් නෙ.
    ඉස්සරාට වියදම් වැඩි වෙයි 🤭

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඔබගෙ ප්‍රතිචාරයට. හ්​ම් හ්​ම්

      Delete
  3. සමනලු තටු සලා පියාඹන අතරතුර
    විහඟුන් ගී ගයා තුටු වෙන අතරතුර
    සුරඟන රැඟුම් නරඹන විට විඳ මිහිර
    අමතක වෙලා වාගෙයි, බ්ලොගයේ ඇසුර

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඔබගෙ ප්‍රතිචාරයට. මට ටික කාලයක් දෙන්න. මම නිවාඩුවකට ආවා. කවි ලියන්න තරම් මානසීක නිදහසක් නෑ වගෙ දැන්. කතාවේ ඉති​රි හරිය කියන්නම් ආයෙ ආවහම. ඔබගේ කතාවෙත් ඉතිරි හරිය කියවන්න ඕනෙ වෙලාව ලැබුනොත්.

      Delete
  4. ආපහු ලියල නේද ? මගේ බ්ලොග් ලිස්ට් එකේ අප්ඩේට් නොවුනේ මොකද කියල කල්පනා කලේ

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඔබට. ඔව් කාලෙකට පස්සේ ආයෙම එන්න තීරණය කළා.

      Delete

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.