Saturday, January 13, 2024

දෝණි 7 (ශනිදා දහයට)

කවි කතාව

පසුගිය කොටසෙන්.................

මනමාලයද උගතෙකි ගැලපෙන              ඇයට
නගරේ විසල් ආයතනෙක යන                වැඩට
වටිනා වාහනය දිළිහෙනු ඇත                 රතට
අඳිනා පිළිද පවසයි ඔහු ගැන                ලෙසට 


7 කොටස  

වැඩිහිටි දෙපලගේ සැලසුම අනුව              යත
අඩුවැඩි සියළු සකසා තුට ගෙනෙන           සිත
හැඩ වැඩ වෙලා සත් මාලා පැළදි             කත
නැකතට පිය නගයි සුදු පාවාඩ                 මත


ගමටම කියා ජයටම අරගෙන              මඟුලක්
නෙක විධ කැවිලි පෙවිලිද නොම කර      අඩුවක්
ලොකු පොඩි මහළු සැමටම ගෙනෙමින  සතුටක්
වෙහෙසව ගෙවෙන දිවියට ලැබදුනි      වෙනසක්


සිටි එක දරුව මව් පිය හට නොවන           ජඩ
හැඩි දැඩි සිරුර පෙන්වයි ඇති සැපක       හැඩ
ඇඹණිය සමඟ ආදරයෙන් කෝප             මැඩ
වැඩි දියුණුවට උර දෙයි ලැබු  විටදි           ඉඩ

ගුරු මව් පියන් ගේ දිවියෙහි නව           පිටුවක්
ලියමින් ඉසුඹු දිවි පිවිසිය නැත              වරදක්
ගැමියන් නිවස වෙත සපැමිණ එක        සවසක්
සතුටින් විසිර ගියෙහිය පුද තුති           කුසුමක්

දවසෙහි වැඩ නිමව එන දියණිගෙ        සැමියා
සෙනෙහස පවුලෙ සැමටම බෙදමින       සිටියා
එය දැක මව පියගෙ නෙතුකොන නිති    කකියා
වැගිරිය තුටු කඳුළු කිසිවෙකු හට      නොකියා

මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

👈 6 කොටසට 

👉 8 කොටසට 

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

16 comments:

  1. WOW ඒක ලස්සනයි, හැම කවි කාණ්ඩයකින්ම නෙක ලස්සන රූප මැවෙනවා. ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගල් මල්. ඔබගේ ප්‍රතිචාරයට. කවි කතාව ලෙසටම රස විඳින බවක් තේරිලා සතුට ඉහ වහා ගියා.

      Delete
  2. හරිම ලස්සනයි පෙලගැස්ම.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමින්ද. හැමදාමත් වගේ දෙන වටිනා ප්‍රතිචාරයට.

      Delete
  3. පිවිසී පති-පතිනි විජිතෙට සන්තෝසෙන්
    කල් ගෙව්වාද ඒ දෙන්නා කිරි-පැණි මෙන්?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිදි ඔබගේ ප්‍රතිචාරයට.
      එකට පිළිතුරු හොයා ගන්න නම් දිගටම රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරනවා.

      Delete
  4. මේ ඔයා ඇත්තටම ගිය මගුල් ගෙයක් ගැනද ලියල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි අජිත් මේ පැත්තේ ආවාට. මම මඟුල් ගෙවල් වලට නම් ගොඩාක් ගිහිල්ල තියෙනවා. එත් මේ මඟුල නම් මගෙ ​මන​සෙ ඇඳුනු එකක්.

      Delete
  5. ඔක්කොම හොඳට වෙනවනේ. කොතනින් අවුල පටන් ගනියිද? ඉඳල බලමු.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි Litseeker ඔයාගේ ප්‍රතිචාරයට. ඔව් ඔව් ඉඳලා බලමු. අවුලක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.

      Delete
  6. බලං ඉමු ඉතින් කසාඳ ගැන අනාවැකි කියන්න ඉක්මන් වෙන්න හොදනෑ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සඳවතී ඔයාගේ ප්‍රතිචාරයට. ඔව් ඔව් කිසිම දෙයකට ඉක්මන් වෙන්න නම් හොඳ නෑ.

      Delete
  7. මේ කථාව ගලා යන්නේ අපිව ඊට ගැට ගහලා! දැන් තව සතියක් බලා හිටපල්ලකෝ!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මේ පැත්තෙ ආවාට සහ ඔබගේ ප්‍රතිචාරයට. අනේ...... සතියක් බලාගෙන ඉන්න ඉතින්. මම එන්නම් ආයෙ ශනිදා දහයට.

      Delete

  8. හරිම ලස්සනයි.... +++++++++++

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට. අලුත් පෙනුමක් ලැබිලා තියෙන්නේ කාලෙකට පස්සේ. ඒ වෙනසත් අපූරුයි.

      Delete

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.