Friday, April 29, 2022

අලුත ගෙනා මනමාලි 16

 

 කවි කතාව




 

පසුගිය කොටසෙන්.................



"හනිකේ ලිසී එහෙනම් උයලා                ගන්න
   යනවා මමත් ඇඟපත සෝදා               ගන්න
"
හැරුනේ යලිත් උඩුමහලට දිව               යන්න
දුටුවේ නැන්ද අම්මයි පරලව                  ඉන්න


16 කොටස  


"මොකදෑ අලුත් මනමාලිට මෙහෙම     විසේ
බිඳ යස වළඳ ඉස්සන් තුන් හතර         දෙසේ
    ඔය වැනි ගැහැණු  ලමයින් වටිනවද කෙසේ
"
දැමුවේ ගෝරනාඩුව ඔරවමිනි              එසේ

දැනුනේ හුස්ම ටික නතරව ගියපු         ලෙසේ
සිතුනේ  හඬන්නට පොඩි දැරියකව       රිසේ
පොළවේ තිබුන ඉස්සන් දැක රුදුරු      වෙසේ
දෙඩුවේ හඬද උස් කර බිඳ හදෙහි     තොසේ

අමතක වුනිය හදපතුලෙහි ඉකි              ලෑම
බටු ටික දැමූ වතුරෙහි පිහිනයි               තාම
"අහුලල ගනින් ඉස්සන් බිම වැටි             සෑම"
අණදෙන නිලදරුව මෙනි ඇගෙ මොර    ගෑම

මුළුතැන් ගෙදර ජරමර නැත       නිමවෙන්නේ
වතුරෙන් පෙඟුන බටු කොහොමද   බැදගන්නේ
කඩිනම් කරල මේ නිවසින්            පැනගන්නේ
නොමැතිව තවත් ඇයිදෝ මා       ලතවෙන්නේ


මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
 

Friday, April 22, 2022

අලුත ගෙනා මනමාලි 15

 කවි කතාව



 

පසුගිය කොටසෙන්.................


උයනා ගෙයට ඇහැ යැව්වට දුකෙන්            වගේ
හැඩිවී ඇති තරම දුටුවම පිස්සු                   වගේ
හකුලා දෙබැම තරමක් දුක මවන්               වගේ
ලිසියා දිහා බැලුවේ හඬමින්ම                    වගේ


15 කොටස  


මගෙ සුදු නෝනෙ දෙන්නකො මට      උයන්නට
පොඩි මහතා ද එයි වහලය               හදන්නට
ලොකු නෝනත් ගියේ බිල් ටික          ගෙවන්නට
මව ඇති මඟ බලා ඔය රුව               දකින්නට
"

ලිසියද ටිකෙන් ටික මොලකැටි වුන           බැවිනා
මට මෙම වදෙන් බේරෙනු හැකි යයි           සිතුනා
හිත දුක වුනත් යන්තම් සහනය                 දැනුනා
හනිකට මෙහෙන් පිටවිය යුතු යැයි           හැඟුනා
 
වරුවක් යාවි බිම පිරිසිදු                      කරලන්ට
කරියත් ඉහිරිලා බිත්තිය               නොපෙනෙන්ට
වළඳෙත් කෑලි හැමතැන බැහැ               පයලන්ට
මෙතනින් යා යුතුය පෙර ඇය            පැමිණෙන්ට

"හනිකේ ලිසී එහෙනම් උයලා                ගන්න
යනවා මමත් ඇඟපත සෝදා                ගන්න
"
හැරුනේ යලිත් උඩුමහලට දිව               යන්න
දුටුවේ නැන්ද අම්මයි පරලව                  ඉන්න


මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
 

Wednesday, April 20, 2022

අලුත ගෙනා මනමාලි 14

 

 කවි කතාව

 


 කවි කතාව

 

පසුගිය කොටසෙන්.................

මතකෙට නගනු බැරි කලබලය කි           ඇතුවා
වචනද අමුනමින නෙතු නලලෙහි              ඉඳුවා
         ලිසියද යමක් කීමට වට පිට                    බැලුවා         
මගෙ ඉවසීම වැට පැනුමට වෙර             දැරුවා



14 කොටස  

"නෑ නෑ නෝනෙ අහගන්නකො අද          උදයේ
මාතර අම්ම ලෙඩ වී  ඉවසනු                බැරියේ
රෝහල කරා ගෙන ගිය බව කඩි           මුඩියේ
කීවනෙ මැණික දුරකථනෙන්  ලහි       ලහියේ "


"මොනවා....! ලිසී මගෙ අම්මට මොකද     උනේ
නොමැතිව මෙමා සහයට නැත කෙනෙකු   අනේ
  කෙලෙසද දරනුයේ තුන් සිත දැවෙනු          දැනේ"

පැවසුවෙ වියරුවෙන් හද තුළ ඉපිද           සෙනේ 


හදවත මගේ හත් පොලකට බිඳ               වැටුනා
ඇගෙ සුදු මුහුණ සිහිවී නෙතු බොඳ         කෙරුනා
අමතපු වෙලාවේ පවසන්නට                      තිබුනා
ලෙඩෙකුට වද කරපු වරදට ඉකි                බිඳුනා

උයනා ගෙයට ඇහැ යැව්වට දුකෙන්            වගේ
හැඩිවී ඇති තරම දුටුවම පිස්සු                   වගේ
හකුලා දෙබැම තරමක් දුක මවන්               වගේ
ලිසියා දිහා බැලුවේ හඬමින්ම                     වගේ


මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Thursday, April 14, 2022

මහ සිකුරාදා දිනය අදයි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා මරණයට පත් කිරීමේ දුක්ඛප්‍රාප්තිය සිහිපත් කරන මහ සිකුරාදා දිනය අදයි.

 

උන්වහන්සේ කුරුසියෙහි උකුත් වූ සේක. 

 
 
කුරුසියේ පාද නමස්කාරය  

 
කුරුසේ නැග අත් විහිදා
මුළු ලෝ තුරුලට වඩලා
සිටිනා දෙවි පුත් රදුණේ
ඔබෙ පා සිඹිමින් වඳිමු

සිරසේ කිරුළේ මිණි සේ
බැබළේ බිඳු වැල් සිරි ලේ
කුරුසේ සිටිනා දෙවිඳේ
ඔබෙ පා සිඹිමින් වඳිමූ

ඔබ හා කුරුසේ නැඟලා
ඔබෙ දෑසින් ලොව බලලා
ඔබ සේ කරුණා පාලා
කුරුසේ හිඳිනා සමිඳේ
 
හිඳිනා ලෙස මා කැඳවා
කල්වාරිය මත නංවා
ඔබ හා මා හා සිටිමු
කුරුසේ හිඳිනා සමිඳේ
 
දෙනෙතේ කඳුළුයි ඔබගේ
දෙතොලේ ලේ වැල් කැටි වේ
ඇණලා සිරවී තිබෙනා
ඔබෙ පා සිඹිමින් වඳිමූ

පහරින් නිල් වූ සිරුරේ
දහරා ගලමින් දිලිසේ
මෙලෙසේ පණ දුන් දෙවිඳේ
ඔබෙ පා සිඹිමින් වඳිමූ


~ ලියෝනි අමරතුංග ~
සේයාරූ සහ ගීතය අන්තර්ජාලයෙන් උපුටා ගතිමි. 
 සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Wednesday, April 13, 2022

ශුධවූ සතියේ භාවනාව

2022 අප්‍රේල් මස 14, මහ බ්‍රහස්පතින්දා දින


 
1 කොරින්ති 11 : 24

24 මේක නුඹලා උදෙසා දෙන්නාවූ මාගේ ශරීරයය. මා සිහිකිරීම පිණිස මේක කරපල්ලායයි කීසේක. 
- ගුධවූ බයිබලයෙන් උපුටා ගතිමි. -  

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.