Tuesday, April 12, 2022

ශුධවූ සතියේ භාවනාව

2022 අප්‍රේල් මස 13 වෙනි බදාදා දින. 

 

 

මතෙව් 26 : 23 - 25

23 උන්වහන්සේ උත්තරදෙමින්: මා සමග තලියේ අත ලෑ තැනැත්තේම මා පාවා දෙන්නේය.
24 මනුෂ්‍ය පුත්‍රයා ගැන ලියා තිබෙන හැටියට ඔහු යන්නේය. නුමුත් මනුෂ්‍ය පුත්‍රයා පාවාදෙන ඒ මනුෂ්‍යයාට දුක්වේ! ඒ මනුෂ්‍යයා නූපන්නා නම් ඔහුට යහපතැයි කීසේක.
25 උන්වහන්සේ පාවාදුන් යූදස්ද උත්තරදෙමින්: රබ්බී, ඒ මමදැයි ඇසුවේය. නුඹ කීවෙහියයි උන්වහන්සේ ඔහුට කීසේක.

- ගුධවූ බයිබලයෙන් උපුටා ගතිමි. -  

 
- ලියෝනි අමරතුංග -

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

Monday, April 11, 2022

ශුධවූ සතියේ භාවනාව

ශුධවූ සතියේ භාවනාව 2022 අප්‍රේල් මස 12 වෙනි අඟහරුවාදා දින.  


ජොහන් 13 : 21

21 යේසුස්වහන්සේ මෙසේ කියා ආත්මයෙන් කැලඹී සාක්ෂිදෙමින්: සැබවක් සැබවක් නුඹලාට කියමි- නුඹලාගෙන් එක්කෙනෙක් මා පාවාදෙන්නේයයි කීසේක.

- ගුධවූ බයිබලයෙන් උපුටා ගතිමි. -  


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Sunday, April 10, 2022

ශුධවූ සතියේ භාවනාව

 2022 අප්‍රේල් මස 11 වෙනි සඳුදා  දින.  



ජොහන් 12 : 3

3 එවිට මරියා ඉතා අනර්ඝ ජටාමාංස තෙල් රාත්තලක් රැගෙන යේසුස්වහන්සේගේ පාද ආලේපකොට, ඇගේ හිසකේවලින් උන්වහන්සේගේ පාද පිසදැම්මාය. තෙලේ සුවඳින් ගේ පිරුණේය.

- ගුධවූ බයිබලයෙන් උපුටා ගතිමි. -  

 


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Saturday, April 9, 2022

ශුධවූ සතියේ භාවනාව

 2022 අප්‍රේල් මස 10 වෙනි දා  ගොබ් ඉරිදා  දින. 

 

 
ලූක් 19 : 38 

38 ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන්නාවූ රජ ආශිර්වාදලත්තෙක්ය. ස්වර්ගයෙහි සමාදානයද ඉතා උසස්තැන්හි මහිමයද වේවයි කීවෝය.

- ගුධවූ බයිබලයෙන් උපුටා ගතිමි. -   

 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, April 8, 2022

අලුත ගෙනා මනමාලි 13

 

 කවි කතාව



 

පසුගිය කොටසෙන්.................


හනිකට ලිසී මුළුතැන් ගෙට දිව              ආවේ
භය වුන තරම ඇස් දෙක නලලෙහි         වූවේ
කලබල ගතියකිනි එහෙ මෙහෙ නෙත    පෑවේ
"අයියෝ...අලුත් නෝනේ..” යැයි මොර  ගෑවේ


13 කොටස  


මොකදැයි ලිසී කලබලයෙන් මොර         ගෑවේ
 දුටුවද හොල්මනක් වත් මේ              අවෙලාවේ

අසමින හැරුනෙ කඩිමුඩියෙනි         එ’වෙලාවේ
පෙරලුනි හොද්ද දෙවියොයි  සිහියට         ආවේ

"අයියෝ..." කියා ලිසියා කෑ ගහන            කලේ
භය උන තරම ගත තවමත් ගැහෙයි       බොලේ
බිම හැම තැනම ඉස්සන් තුන් හතර          පලේ
මෙම අවනඩුව කා හට නම් කියමි             මලේ

ඉස්සොද නටන හොදි ඇතිලිය බිඳිල          ගියේ
බිත්තිය හතර වට පැල්ලම් විසිර                තියේ
  හැට්ටය පෙඟුනි දිය පට්ටද පිපුණි               පයේ  
කුස්සිය  සටන් පිටියකි හද ගැහුනි              බියේ

මතකෙට නොඑන කලබල ගතියකි            ඇතුවා
   ලිසියද යමක් කීමට වට පිට                     බැලුවා  
වචනද අමුණමින නෙතු නලලෙහි              තැබුවා
මගෙ ඉවසීම වැට පැනුමට වෙර               දැරුවා


මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.