Friday, May 27, 2022

අලුත ගෙනා මනමාලි 20

 කවි කතාව

 


 

පසුගිය කොටසෙන්.................



             නැන්දම්මගේ උගුලෙහි සැම දෙන    ඇලුනා             
රස්සාවකුත් නැති කොළුවට දුව     ලැබුනා
අම්මගෙ උගුලෙ නැන්දත් සිරවිය  සොඳිනා
පුත් කුමරාට වැඩ බැරි බිරිඳක       අමුණා


20 කොටස  

රැකියා නොමැත කල ගෙවලා මහ         මඟට
කරලා තියෙන්නේ බොරුවකි අප           සැමට
රිදවා සිතද හඬලා ඇති පල                  කුමට
මෙමගේ අතෙත් තිබු අඩුපාඩුද               එමට

මෙය දැනගත් පසුව උරණවු මගෙ         අම්මා
හනිකට සොයා දුව ගියෙ යස         නැන්දම්මා
දෙදෙනම අතර වූ වාදය                උණුසුම්මා
සිටිනට උනේ අපි දෙදෙනට  ගෙන          බුම්මා

"යන්නේ කොහොම කොම්පැණියක වැඩට තියා
දන්නේ අද නෙ පාසලකට නොගිය            කියා 
කිව්වේ කොහොම කොලුවගෙ ඇති ගුණය දයා
ගම්මුන් කිව්වෙ උබලට නැහැ ලැජ්ජ        බියා
"

මෙම බස අසා නැන්දත් නැත පසු        බැස්සේ
මගෙ ඇති වැරදි කීමට සැරසිය           සිත්සේ
දුවගෙන ආපි ගම්මුන් එකිනෙක           පස්සේ
සමහර ඈයො උන්දැට ණයටයි          කැස්සේ



මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 19 කොටසට

👉 21 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, May 20, 2022

අලුත ගෙනා මනමාලි 19

 

 කවි කතාව


පසුගිය කොටසෙන්.................



දැන් දැන් සියළු පාලනයන් ඔහුගෙ       වගේ
ඉන්නේ ගෙදර රැකියාවක නොමැත      අගේ
"යන්නේ නැතිද ඔපිසිය වෙත අයිය       මගේ"
කිව්වේ මමත් ඉවසල බැරි තැනයි        නගේ


19 කොටස  

"ගෙදරට පිරිමි දෑතක ඇති අඩුව        වසා
වතුපිටි නිසි අයුරු රැකගත යුතුවු       නිසා
මතු පරපුරට වසනට හදවතිනි       තොසා
දියුණුව ලබා ගෙනයමු බත සතර      දෙසා
"

සැමියගෙ සිතැඟි කිසිවිට පිළිගත නොහෙන
පිළිතුර නිසා මව තුළ කෝපය         නැගින
සැමගෙම නෙතඟ රැඳි කලබල බව   හැදින
මුනිවත රැකිමි මම, එය යහපති       සිතින

සැනෙකින අපේ අම්මා තොරතුරු   සොයලා
බැලුවනෙ මොකද සැමියා ගෙදරම    කියලා
කපුවද අප සැමට යස බොරුවක්      කරලා
ඇති බව වැටහුනා මා උගසට           තියලා

             නැන්දම්මගේ උගුලෙහි සැම දෙන    ඇලුනා             
රස්සාවකුත් නැති කොළුවට දුව     ලැබුනා
අම්මගෙ උගුලෙ නැන්දත් සිරවිය  සොඳිනා
පුත් කුමරාට වැඩ බැරි බිරිඳක       අමුණා


මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 18 කොටසට

👉 20 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, May 13, 2022

අලුත ගෙනා මනමාලි 18

 

 කවි කතාව


 

පසුගිය කොටසෙන්.................



අභිමත පරිදි මවගේ නිවසට              වැදුනා
සහනය දැනුනු කීමට බස මදි            හැඟුනා
යලි එහි නොගොස් නවතිනු හැකිවෙද සිතුනා
හොඳ හැටි සිතා වැඩ කල යුතු බව     දැනුනා


18 කොටස  

සැලසුම ලෙසට සැමියා හට කතා           කොට
"පිටවනු නොහැක මව තනිකර දමා        මට
හැකිවෙද ඔයාටත් එන්නට අපේ             ගෙට
"
වැළපෙන හඬින් ඇහුවේ ඔහු මුලා           කොට

හෙමිහිට සැමිය වත් මේ ගෙදරට         කැන්දා
විඳිමින දිවිය නිතියෙන ප්‍රීතිය                රන්දා
ගැනුමට පොටක් පෑදී ගෙන එන            හන්දා
ම'සිතට දැනුන අපහසුතාවය                සින්දා

පෙර සිතු ලෙස ට හැමදෙය සිදු වෙන්න   ගනී
සැමියද අලස ලෙස දින පසු කරනු          දැනී
නිසිලෙස වැඩට යාමට වෙහෙසද නො     ගනී  
ඔහු අප නිවසෙ අයිතිය බදු ගත්ත          වැනී

දැන් දැන් සියළු පාලනයන් ඔහුගෙ         වගේ
ඉන්නේ ගෙදර රැකියාවක නොමැත       අගේ
"යන්නේ නැතිද ඔපිසිය වෙත අයිය      මගේ"
කිව්වේ මමත් ඉවසල බැරි තැනයි         නගේ



මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 17 කොටසට

👉19 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, May 6, 2022

අලුත ගෙනා මනමාලි 17

 

 කවි කතාව


 

පසුගිය කොටසෙන්.................



මුළුතැන් ගෙදර ජරමර නැත       නිමවෙන්නේ
වතුරෙන් පෙඟුන බටු කොහොමද   බැදගන්නේ
කඩිනම් කරල මේ නිවසින්            පැනගන්නේ
නොමැතිව තවත් ඇයිදෝ මා       ලතවෙන්නේ


17 කොටස  

දුවගෙන ගිහින් උඩුමහලේ          සැඟවෙන්න
හිතෙනව අහෝ බැහැ මේ දුක        උහුලන්න
ලෙඩවුන හෙයින් අම්මව දැක     සැනසෙන්න
පිටවුනෙ ගෙයින් නැන්දට වැඳලයි       ඔන්න

මම කඩිනමින් නිවසට ගොඩ වැදුනු        සඳ
හමුවිය මැණික දෙනුවන ඉනු කඳුලු       මැද
"මව ඇත යහන මත" යනුවෙන් දොඩන   ලද
වචනෙනි ගියේ හදවත පෙළු සැකය         බිඳ

දෙන්නා එක්ක එකතුව පොඩියට   බොරුවක්
කිව්වා කියල දැනුනේ ගිය පසු          වරුවක්
දැන් මා සිටිනුයේ නිවසෙහි ලෙස       තරුවක්
නැන්දා ලඟත් නැත කිව් තරමට      සරුවක්

අභිමත පරිදි මවගේ නිවසට              වැදුනා
සහනය ලැබුනු කීමට බස මදි            හැඟුනා
යලි එහි නොගොස් නවතිනු හැකිවෙද   තුටිනා
නුවණැස යොදා වැඩ කල යුතු බව      දැනුනා



මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 16 කොටසට

👉18 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි. 

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.