Wednesday, August 12, 2020

අදත් ඔයාව මතක් වුනා අම්මේ.


හැමදාමත් වගේ අදත් ඔයාව මතක් වුනා අම්මේ.

ඇසෙනා විටදි හද දුක්බර       ඉකිලෑම 
සිහිවුනි දායාබර අම්මා          හැමදාම  
නැත සම කිරීමට කිසිවෙක් ලොව තාම
මතු අත් භවෙත් හමු වීමයි      සැනසීම
 
~~ ලියෝනි අමරතුංග ~~
මව්වරුන්ගේ දිනය 2020.
මැයි මස 10 දින  

නුඹ ගැන මතකය මා දවයි නිරතුරු ....

 

නුඹ ගැන මතකය මා දවයි නිරතුරු ....

හද  ඉකිළමින් තරු මුතුමල්           විලසින්නේ 
ඉනු උණු කඳුළු කැට දෙකොපුල්    සිපගන්නේ 
සඳ පිණි දහර වැද පියුමන්          දිළිසෙන්නේ 
නුඹ ගැන මතක නෙතු දවමින්     වැළපෙන්නේ  

~ ~ ලියෝනි අමරතුංග ~ ~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

කවිය නුඹ

 

කවිය නුඹ

කවිය නුඹ මා දමා යනු මැන ඉතින් ඈතක            පියඹලා
පුදන සෙනෙහස ඉවුරු බිඳගෙන එනු දැනෙයි මන්  මත්වෙලා
නිතර තුරුළුව ඉන්නෙ කෙලෙසක මම ඔහුගෙ දිවියම වෙලා
උප නුපන් මතු භවේ හමුවෙමු ලොවේ සදහට        හිමිවෙලා

~ ~ ලියෝනි අමරතුංග ~ ~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

කියන් කෙසේ මම හදවත වාවන්නේ ......



කියන්  කෙසේ මම හදවත වාවන්නේ ...
 
එරබදු මල් පිපී දසතම දෙන           සුවඳ
අමයුරු මියුරු හසකැන් සිහිවෙන    නිබඳ
අසිරිය කෙතේ කිරි වැදි ගොයමක   සුහද
ඇරයුම හද පෙළයි ඔබ නැති දින     මහද

රබන් සුරල් හඬ සවනත        හඬවන්නේ
වහන් වෙලා කිම නෙතු යුග   වැළපෙන්නේ
සහන් සිතින් සිට තුන් යම        අයදින්නේ
කියන් කෙසේ මම හදවත       සනසන්නේ
  
නුඹ නැති කලට අවුරුදු අසිරිය     කොහිද
හදවත පෙළන තනිකම නුහුරුය       සබඳ
කොවුලගෙ නදින් දෙසවන පිනවනු   හැකිද
රුව දැක ගන්න යලි ගම එන දින      ළඟද
 
~ ~ ලියෝනි අමරතුංග ~ ~
 
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.